ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ බූදලයක් නොවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,‘‘ එම පක්ෂය පංච මහා බලවේගයකට අයත් එකක්. ඒ නිසා එය කඩා බිඳ දැමීමට කිසිවෙකුටත් අයිතියක් ඇත්තේ නැහැ. පාක්ෂිකයන් එකතුවී තිබෙන්නේ පුද්ගලයෙකු වටා නොව පක්ෂය වටායි. පක්ෂය දෙකඩ කර ගමනක් යාමට ගිය බොහෝ දෙනෙකුට නැවත පක්ෂයට පැමිණීමට සිදු වූ අතර එයට උත්සාහ කරන සෑම කෙනෙකුම ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි’’ යැයිද පවසා සිටියේය.