ගත වූ මාස 9 දී රුපියල් මිලියන 401ක මුදලක් ඉතිරි කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට (slbfe) හැකිවී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
2014 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සමස්ත වියදම රුපියල් මිලියන 2180 ක් වූ බවත් මේ වසරේ එම වියදම රුපියල් මිලියන 1779 ක් බවත් කාර්යාංශය සඳහන් කරයි.
ප්‍රචාරන වියදම් රුපියල් මිලියන 115 සිට රුපියල් මිලියන 5.20 දක්වාද, ප්‍රවාහන වියදම් රුපියල් මිලියන 54 සිට රුපියල් මිලියන 34 දක්වා හා ව්‍යාපාර ප්‍රවර්ධන වියදම් රුපියල් මිලියන 69 සිට රුපියල් මිලියන 16 දක්වා යනාදී වශයෙන් අඩුකර ගැනීමට හැකි වූ බව කාර්යාංශය කියයි.