හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා රණවිරුවන්ට විරුද්ධව පෙනී සිටියද, රණවිරුවන් රැකගැනීම සඳහා ජනතාව පෙළගස්වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.
පෞද්ගලික ප්‍රශ්න මුල් කර ගනිමින් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරමින් සිටින බවත්, එහෙත් මෙවැනි හිටපු හමුදාපතිවරුන් සුඩානය, ඉතියෝපියාව වැනි නොදියුණු රටවලවද නොමැති බවත් උන්වහන්සේ අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ.
රටට නිදහස, සාමය, උරුම කර දුන් රණවිරුවන්ගේ නිදහස හා සාමය වෙනුවෙන් සියලුම දෙනා පෙළගැසිය යුතු බවද ඒ හිමියෝ අවධාරණය කළහ.