සරත් ෆොන්සේකා මහතා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව කරන ප්‍රකාශය, හමුදාපතිවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් වීම හේතුවෙන් විග්නේෂ්වරන් මහතාටද ඒ ගැන සැකයක් මතුව ඇතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10දා) අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේදී පැවසීය.
අද (10) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගෙන් මල්වතු මහා විහාර මහා නාහිමියන් බැහැදැක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
"විග්නේෂ්වරන් කියන කථාවේදී ඔහු කියන්නේ, සරත් ෆොන්සේකාගේ මෙම ප්‍රකාශය ඔහු හිටපු හමුදාපතිවරයෙක් වන නිසා ඇත්තක් වෙන්න ඇති කියල කියන්නේ. එයාටත් සැකයක් තිබෙනවා. විග්නේෂ්වරන් මේ ප්‍රකාශය කරන්නේ හමුදාපතිවරයා කරපු ප්‍රකාශය නිසා.
ඇත්ත වශයෙන්ම මේ වගේ පාවාදීම් වෙනකොට සමාජය, රට පිළිබඳව, ඊළඟට යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත්, මහා ව්‍යාකූලතාවක් ඇති වෙනවා.මම හිතන්නේ හමුදාපතිවරයෙකු නොකළයුතු ප්‍රකාශයක්,"
විග්නේෂ්වරන් මහතා එල්.ටී.ටි.ඊ. රැඳවියන් බැලීමට බන්ධනාගාරය වෙත යාම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
"එයාලටත් අයිතියක් තියනවා.මොකද එයාල ඒ අය වෙනුවෙන්නේ පෙනී හිටින්නේ.ඕක හඳුනා ගන්න බැරි වුණා අපේ අයට"