SF ලොක්කා අතුරුදන් - පැහැරගත් රථය හමුවෙයි
මූල්‍ය සමාගමක් විසින් අත්පත් කරගෙන කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට ගෙනයමින් තිබියදී එස්.එෆ් ලොක්කා ඇතුළු පිරිසක් එක්ව පැහැරගත් බව කියන සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය, කුරුන්දන්කුලමේ නිවසක සඟවා තිබියදී ඊයේ (23දා) රාත්‍රියේ සොයාගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
උපකාරක පන්ති පවත්වන ගුරුවරයා විසින් අදාළ ජීප් රථය මූල්‍ය ආයතනයක් හරහා මිලදී ගෙන වාරික පැහැර හැරීම හේතුවෙන් පසුගියදා (21දා) සවස එම මූල්‍ය සමාගම විසින් රැගෙන යමින් සිටියදී එම ගුරුවරයාගේ කොන්ත්‍රාත්තුවක් මත එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිසක් අනුරාධපුර පැරණි පූජා නගරයේ, මල්අතු පටුමග ප්‍රදේශයේදී එම ජීප් රථය පැහැරගෙන රථයේ හිමිකරු වන ගුරුවරයා වෙත බාරදී තිබිණි.
සැකකාර ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත රථය පැහැර ගැනීම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තම රථය පැහැර ගැනීමට පිරිසක් පැමිණි බව පවසමින් උපකාරක පන්ති පවත්වන ගුරුවරයා පොළොන්නරුව පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
ජිප් රථය පැහැර ගැනීමෙන් අනතුරුව පලාගොස් සැඟව සිටින එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

