හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හමුදා නිලධාරීන් පිළිබඳව සිදුකරන ප්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඇතිවී තිබෙන ප්රජාතන්ත්රවාදී නිදහස අනුව ඔහු විවිධ ප්‍රකාශ සිදුකරන බවත් එහෙත් ආණ්ඩුවේ මතය වී තිබෙන්නෙ රටට නිදහස ලබාදුන් රණවිරුවන් සුරැකීම බවද පවසා සිටියේය. යුද්ධයක් සිදුවීමේදී ජීවිත හානි සිදුවන බවත් එය යුද්ධයේ ස්වභාවය බවද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
එහෙත් යුද්ධයේ මුවාවෙන් අපරාධ කර තිබේනම් ඔවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන බවද අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ ලේකම්වරයා සඳහන් කළේය.