පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානී වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගැනීම හේතුවෙන් එහි වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්.ආර්.බී. සෙනෙවිරත්න මහතා පත්කර ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ස්ථික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කරන තෙක්ය. සෙනෙවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දිශාව භාර ප්‍රධානී වශයෙන් කටයුතු කරමින් සිටියි.