සමෘද්ධි ව්‍යාපාරය අරම්භ කරන විට තමා සාමාන්‍ය පෙළ විභාගය සමත් නැති හොට්ටෙක් යැයිද, කිසිදු අධ්‍යාපනයක්, මොළයක් නැති අයෙකු යැයිද සමාජ සවිබල ගැන්වීම්සු බසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සිදුකර ඇති ප්‍රකාශයෙන් තමාට අපහාසයක් සිදුව ඇති බැවින් රුපියල් ලක්ෂ 500ක වන්දි මුදලක් ඉල්ලා ඇමතිවරයාට අද (04දා) දින එන්තරවාසි යවන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ලේකම් එස්.ඒ.ඩීජගත් කුමාර මහතා පැවසීය.
අද දින සිට දින 14ක් ඇතුළතදී දිසානායක මහතා ප්‍රකාශය ඉවත් කර නොගන්නේ නම් හෝ අදාළ වන්දි මුදල ලබානොදෙන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන්නැයි නීතිඥවරුන්ට බාරදී තිබෙන බවත්ලේ කම්වරයා සඳහන් කළේය.
“එතුමාට කියන්න පුළුවන්නම් සමෘද්ධි පත්වීම ගනිද්දි මට සාමාන්‍ය පෙළ නෙමෙයි උසස් පෙළ නැහැ කියලා ඔප්පු කරන්න. මේ සියලුම තනතුරු අතහැරලා මම එතුමාගේ ගෙදර ගිහින් කඹුරන්න ලෑස්තියි. නමුත් එතුමාගේ ප්‍රකාශය ඔප්පු කරන්න බැරිනම් එතුමා ඇමතිකමින් ඉවත්වෙන්න ඕන.එසේ නැත්නම් අපිට සිදුකළ අපහාසයටලක්ෂ 500ක් ලබාදෙන්න ඕන" යනුවෙන් පවසා සිටියේය.