SB කිව්වට ආණ්ඩුවට යන්නේ නෑ
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා තමන් ආණ්ඩුවට එක්වෙන බවට ප්‍රකාශ කළත් එවැනි කිසිවක් සිදු නොවන බව ජාතික නිදහස් පෙරමුනේ නායක විමිල් වීරවංශ මහතා පවසයි. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙම ප්‍රකාශය මහනුවරදී සිදු කළේය.
ඒ පිළිබඳව විමල් වීරවංශ මහතා සිය ෆේස් බුක් පිටුවෙන් පිළිතුරු ලබාදුන්නේය.
"ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. පලුවේ පිනට මංත්‍රීකම හා ඇමැති කම ලද S.B. දිසානායක මහතා අද මාධ්‍යයට පවසා ඇත්තේ මා සිටින්නේ කලකිරීමෙන් බවත් මා ද ළගදීම ඔවුන්ගේ ආණ්ඩුව සමග එක්වන බවත් ය.
SB ට මෙන්ම අපේ සමහරුන්ටද උවමනා වි ඇත්තේ කලකිරීම් නැතිනම් කලකිරීම් ඇති කරවා හෝ SB ලා වැටී සිටින අසූචි පිරුණු වලට අපවද බස්සවා ගන්නටය.
අපේ සමහරුන් ඒ වලට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසාය. SB ලා අප ගැනද සිතන්නේ ඒ මට්ටමින්නම් මට කියන්න ට ඇත්තේ SB ට හොඳටම වැරදී ඇතැයි කියාය.
කෙටියෙන් කියන්න ට ඇත්තේ මෙපමණකි..
කලකිරීම් තිබුණත් නැතත් SB මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැත. ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමන වලට එළඹීබීමෙන් වළකින්න"
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


