රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතුළු වෘත්තීය සමිති මගින් මේ මස 05 වැනිදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට ඒකාබද්ධ විපක්ෂය සහාය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (03දා) පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්ව මෙම තීරණය ගත් බවද අලුත්ගම මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සියල්ල කැඳවා වැඩවර්ජනයට සහාය ලබාදෙන්නැයි උපදෙස් ලබාදුන් බවයි.