RK හා AM නමින් තිබූ ලිපිගොනු ඉල්ලයි
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපිගොනු දෙක වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අද (11දා) නියම කළේය.
රවි කරුණානායක මහතා සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගිය බව කියන (RKසහ AM)ලිපිගොනු දෙක සම්බන්ධයෙන් විමර්ශන කළ යුතු හෙයින් වහාම එම ගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වන ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන්ට කොමිසම නොතීසි නිකුත් කළේය.
එමෙන්ම RKසහ AM ලිපිගොනු දෙක සම්බන්ධයෙන් වූ කරුණු දිවුරුම් ප්‍රකාශයක් මගින් කොමිසමට දැනුම් දෙන ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට කොමිසම වැඩිදුරටත් නියම කළේය.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම RK සහ AM ලෙසලිපිගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇති බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාගේ එස්.එම්.එස්. පණිවුඩ පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගැනීමට හැකි වූ බව මීට පෙර අවස්ථාවක බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවමින් එහි කටයුතුවලට සහාය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


