මහජන සෞඛ්‍ය පරීක්ෂක,මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් සහ සෞඛ්‍ය සහ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් යන වෘත්තිකයන්ට අයත් 3500 කට ආසන්න වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් අද (09දා) පෙරවරු 07.00 සිට හෙට (10දා) පෙරවරු 07.00 දක්වා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක්, පැවැත්වීමට සැලසුම් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒකකය මගින් වෘත්තීය අතර ගැටලු නිර්මාණය වන අන්දමට සකස් කර ඇති මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී විෂය නිර්දේශය සංශෝධනය නොකිරීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම විරෝධතාව පවත්වයි.
මේ හේතුවෙන් මහජන සෞඛ්‍ය නිවාරණ සේවාවේ ඩෙංගු මර්දනය ඇතුළු බෝවන රෝග නිවාරණයද පාසල් සෞඛ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු, කසළ කළමනාකරණ කටයුතු, මැලේරියා, බරවා, ක්ෂය රෝග හා ස්වසන රෝග, ලිංගාශ්‍රිත රෝග, ඒඩ්ස් සහ ලාදුරු රෝග මර්දන ව්‍යාපාරවල රසායනාගාර පරීක්ෂණ කටයුතුද සම්පූර්ණයෙන්ම ඇනහිටනු ඇති බව විරෝධතාකරුවෝ පවසති. මානුෂික හේතුන් මත රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත.