මුර සංචාරයේ යෙදුණ කඳාන පොලීසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් තිබේ. පොලිස් කොස්තාපල්වරයෙකුගේ පිස්තෝලයක් පැහැරගෙන මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව වාර්තාවෙයි. තුවාල ලැබූවන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. සැකකරුවන් පාරේ ගමන් ගත් යතුරුපැදියක්ද කොල්ල කා ඇති බව වාර්තාවෙයි. කඳාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.