අමාත්‍ය මණ්ඩල තීරණ වලට පටහැනි ආකාරයට ඉන්දියාවෙන් සහල් මෙටි්රක් ටොන් ලක්ෂයක් ලංකාවට ආනයනය කොට රජයට රුපියල් කෝටි 500ක පාඩුවක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී. ජයසුන්දර මහතාගෙන් බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් අද (29) ඔහුගෙන් පැය පහමාරක කාලයක් පුරා ප්‍රශ්ණ කොට ප්‍රකාශයක් ගත්හ.
කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එහි නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වු අතර එහිදී හෙළි වු තොරතුරු පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කර ගැනීම සඳහා මහා භාන්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පී.බී. ජයසුන්දර මහතා කොමිසමට කැඳවු බව වාර්තා වේ.
කොමිසමෙන් කළ දැනුම් දීමකට අනුව අද (29)පෙරවරු 9.00ට පමණ ඔහු කොමිසමට පැමිණ ඇති අතර එතැන් සිට සවස 2.30 දක්වා කොමිසමේ විමර්ශණ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්ණ කොට ප්‍රකාශ ලබාගෙන ඇතැයිද වාර්තා වේ.