ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරන බව පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේය.
පොලිස් ස්ථානාධිපතිවරුන් 50 දෙනෙකුගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම සඳහා අද (01දා) පැවැති වැඩමුළුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පොලීසියට පැමිණෙන අභියෝග ඉහළ යමින් තිබෙන බවත්, එම අභියෝග සඳහා මුහුණ දීමට පොලීසිය හැඩගැසිය යුතු බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේය.
මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් හරහා සෙසු පොලින් නිලධාරීන්ගේ දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.