රැකියාවලට බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පිළිගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඇතැම් මට්ටම්වලදී අධ්‍යාපනික / ශාස්ත්‍රීය සුදුසුකම් වෙනුවට වෘත්තීය සුදුසුකම් පිළිගැනීමට ලක්කිරීම වැදගත් වීම හේතුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම රැකියාවන් බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් පිළිගැනීමට රජය අවධානය යොමු කර ඇත.
ඒ අනුව NVQ 3 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හා NVQ 4 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත්වීමට සමාන බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී චක්‍ර‘ලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.