පක්ෂයට නායකයන් දෙදෙනෙකු අවශ්‍ය නොමැති බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ යුත්තේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා සමග ඡන්දදායකයන් පිරිසක් පෙළගැසී සිටියද, මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවද හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිටිනුයේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත්, ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වන්නෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා බවද අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.