තොරතුරු තාක්ෂණ ලෝකයේ පෙරළිකාර සමාගමක් වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධාරී ධුරය (CEO) සත්‍යා නඩෙල්ලා වෙත හිමිවනු ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඉන්දියාවේදී උපත ලැබූවෙකු වන නඩෙල්ලා වර්තමානයේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ Cloud සහ Enterprise අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
සිය ධුරයෙන් ඉවත්ව සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බැල්මර් වෙනුවට සත්‍යා නඩෙල්ලා මින් ඉදිරියට මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයවනු ඇත.
නඩෙල්ලාගේ පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයවීමට නඩෙල්ලා තරම් තවත් දක්ෂයෙකු සමාගම සතුව නොමැති බවයි.
මේ අතර මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ධුරයෙන් තමන් ඉවත්වන බව බිල් ගේට්ස්ද නිවේදනය කර ඇති අතර, ඒ වෙනුවට සමාගමේ තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස අලුත් භූමිකාවකට පැමිණීමට ඔහු සූදානම් වන අතර, සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද දිගින් දිගටම කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු ජෝන් තොම්ප්සන් සමාගමේ නව සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීමට නියමිතය.