පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ඉන්දියන් සාගරයේ සැතපුම් සිය ගණනක් දකුණුදිගට වන්නට ආරම්භ කළ බව ඔස්ට්‍රේලියාව කියයි.
ඒ අනුව, පර්ත් නගරයෙන් කිලෝමීටර් 1,800ක් පමණ දකුණුදිගට මෙම සෝදිසි මෙහෙයුම් ඇරඹෙන බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශ ප්‍රධානී මාර්ටින් ඩොලාන් පවසයි.
මෙම කලාපය මුලදී ගුවන් මගින් නිරීක්ෂණය කළද එහි සාගර පතුල නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් සිදු නොවුණු අතර, ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූයේ යැයි සැක කළ සංඥා පදනම්ව ඊට ඉහළින් මුහුදු පතුලද නිරීක්ෂණය කෙරුණි.
නමුත්, පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වලලාම්පූර් නුවට සිට චීනයේ බීජිං බලා ගමන් ඇරඹි යානය අතුරුදන් වී දින 100කට අධික කාලයක් ගත වුවත් තවමත් යානය ගැන නිවැරදි හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.