MH370 සෝදිසි කලාපය දෙගුණයකින් වැඩි කරයි
අතුරුදන් වූ MH370 මැලේසියනු ගුවන් යානය පිළිබඳ හෝඩුවාවක් නොලැබුණහොත්, ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් සිදුකරන කලාපය දෙගුණයකින් පුළුල් කරන බව බලධාරීහු පවසති.
ඔස්ට්‍රේලියානු, මැලේසියානු හා චීන බලධාරීන් විසින් යානයේ සෝදිසි මෙහෙයුම් පිළිබඳව සිදුකළ නවතම සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ තිබේ.
මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු 08 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු සමග MH370 යානය අතුරුදන් විය.
බටහිර ඔස්ට්‍රේලියාවෙන් ඔබ්බට වූ සාගරය වෙත යානය කඩා වැටෙන්නට ඇති බව විශ්වාස කළත්, ලොව එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
මේ වනවිට අති නවීන සෝනාර් උපකරණ යොදා ගනිමින් වර්ග කිලෝමීටර් 60,000ක් සාගර පතුළ නිරීක්ෂණය කරන අතර, මේ වනවිට ඉන් 60%ක් පමණ අවසන් කර ඇති බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

