පුද්ගලයන් 239 දෙනෙකු සමග මීට සති තුනකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය මුහුදු පතුලේ සැඟවී ඇති ස්ථානය ජාත්‍යන්තරයට සලකුණු කර පෙන්වීම ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයෙකු වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතාසමත්ව සිටියි. මහාචාර්යවරයාගේ අදහසට අනුව යමින් ලෝකයේ රටවල් රැසක පිරිස් මේවනවිට යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.
බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ යානය කිලෝ මීටර් 3.5ක් ගැඹුරු මුහුදු පතුලේ පවතින බවත්, යානය සොයාගැනීම වාසනාව මත සිදුවිය හැකි නිසා එය දින, සති, මාස හෝ අවුරුදුවලින් පවා සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත්, අතුරුදන් වී ඇති MH370 යානය සම්බන්ධයෙන් හා එය ගොඩගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් 'අද' පුවත්පත විසින් යොමුකළ ප්‍රශ්නවලට මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා මෙසේ පිළිතුරු දෙන ලදී.
ඔබ ලෝකයේම ප්‍රකට මහාචාර්යවරයෙක්. ඔබේ පසුබිම අප දැනගැනීමට කැමතියි.
මා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1976 වසරේදී විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වී සිටියා. ඒ වගේම ශ්‍රී ලාංකීය පිහිනුම් ක්‍රීඩාවේ ශූරයෙක්. අද භෞතික සාගර විද්‍යාඥයෙක් ලෙස මාව හඳුන්වාදීමට කැමතියි.
ඔබ විශ්වාස කරන ආකාරයට MH370 යානයට සිදුවී ඇත්තේ කුමක්ද?
ගුවන් යානය තුළට ඔක්සිජන් ලැබීම අවහිර වීමේ දෝෂයක් සිදුව තිබෙනවා. මේ නිසා යානය තුළ සිටි සියල්ලන්ම සිහිසුන් වී තිබෙනවා.
ඔබේ වෘත්තිය ජීවිතය තුළ මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ඔබට අත්දැකීම් තිබේද? (ගුවන් යානයක් සාගරයට කඩා වැටීම හෝ එවැනි සිදුවීමක්)
ඔව්, බොහෝ අත්දැකීම් තිබෙනවා. අවසන් වරට මා සහාය ලබාදුන්නේ වෙරළට ගසාගෙන පැමිණි දරුණු ලෙස විනාශ වූ මනුෂ්යහිස් කබලක් සාගරයට වැටුණු තැන සොයා දීමටයි.
MH370 යානය සාගරයට කඩා වැටුනේ නම් දැන් ඒ යානය ඇත්තේ කොහේද?
මේ සමග දැක්වෙන සිතියමේ රතු තිතකින් පෙන්වන ස්ථානයෙහි සාගර පතුලේ යානය තිබිය යුතුයි.
එය සොයාගැනීමට කොපමණ කාලයක්ගතවේවිද?
එය තිරණය වන්නේ වාසනාව මතයි. නමුත්, ඒ සඳහා වසර කිහිපයක් වුවද ගතවීමට පුළුවන්.
යානය සොයා ගැනීම සඳහා භාවිත කිරීමට හැකි තාක්ෂණය කුමක්ද? යානයට සිදුවූයේ කුමක්ද යන්න පැවසීමට කළු පෙට්ටිය සුවිශේෂී තොරතුරක් ලබාදේවිද?
සාගරයේ ගිලුණු යානය ඇතැයි සැලකෙන කිලෝ මීටර් 3.5ක් පමණ ගැඹුරු මුහුදු පතුලේ නිවැරදි ඉසව්ව සොයා ගැනීමට ධ්වනි තරග ක්‍රමවේදයන් යොදා ගැනෙනවා. කළු පෙට්ටිය යනු අබිරහසක් පිළිබඳ තොරතුරු සපයන එක් කොටසක් විතරයි. නමුත්, එහි වටිනා දත්ත තිබීමට පුළුවන්.
වර්තමානයේදී වැඩි දෙනෙකු විශ්වාස කරන්නේ ලෝකය අතිශය දියුණු යුගයක පවතින බවයි. නමුත්, සති තුනක කාලයක් ගතවීමට පැමිණියත් යානය ගැන නිවැරදි තොරතුරක් ලබාදීමට කිසිවෙකුට නොහැකි වුණා. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?
එය සාමාන්‍යය දෙයක් - බොහෝ අවස්ථාවල බලධාරීන් ක්රියාකාරීමට පෙර ව්‍යසනයක් පැමිණිලා ඉවරයි. උදාහරණයක් ලෙස ඉන්දීය සාගරයේ සුනාමිය ගත්තොත්,එය පැමිණියේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට පෙරයි.
සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට පෙර සුනාමි කිහිපයක් පැමිණ තිබුණත්, එවැන්නක් පැමිණෙනු ඇතැයි කියා ඔවුන් සිතා සිටියේ නැහැ.
මේ සිදුවීමෙන් පසුව ගුවන් යානයක ගමන්මග සලකුණු කරන ආකාරයේත්, දත්ත පටිගත කෙරෙන කරන ආකාරයේත් (කළු පෙට්ටියේ දත්ත පටිගත කිරීම ආදී) බොහෝ වෙනස්කම් සිදුවීමට ඉඩ තිබෙනවා.
යානය සෙවීමේ මෙහෙයුම්වලට ඔබත් සම්බන්ධ වී සිටිනවාද?
ඔස්ට්‍රේලියානු රජයේ කාර්යාංශයන් හරහා ඒ සම්බන්ධීකරණයන් සිදු වෙනවා.
2004 වසරේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි තත්ත්වයේදී ඔබේ සහාය මෙරටට ලැබුණු බව පැවසුවා. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමතියි.
අවසන් වරට මා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඇමතුවේ 2004 වසරේ සුනාමිය අවස්ථාවේදීයි. මා ඔබට පැවසූ ආකාරයට ඒ අවස්ථාවේදී මාධ්‍යයෙන් මා බොහෝ වැඩකොටසක් ඉටු කළා.
ඉන්දීය සාගරයේ සුනාමි ආරක්ෂණ පද්ධතිය පිහිටුවීමේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ කොටසක් බවට එවකට මා පත්වුණා.
ඉන්දීය සාගරයේ විශාල භූකම්පනයක් ඇති වූ විට ඉන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම ගැන අසමින් ජනාධිපති කාර්යාලයෙන් මා වෙත ඇමතුමක් ලැබෙනවා.
ඒ අනුව, ශ්‍රීලංකාව වෙනුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් සිදුකිරීම මා විසින් සිඳුකරනවා.
ඉහළ සිතියමේ 'රතු තිතෙන්' සලකුණු කර ඇත්තේ යානය තිබෙන බවට විශ්වාස කරන ස්ථානයයි
මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා එදා පිහිනුම් ක්‍රීඩාවෙන් පෑ දස්කම් පිළිබඳ ශ්‍රී ලාංකීය පුවත්පත්වල වාර්තා වූ අයුරු