මීට වසරකට පෙර අද වැනි දිනක (08දා) අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සම්බන්ධයෙන් එළිදක්වා ඇති වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරන බව යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීහු පවසති.
යානය අතුරුදන් වී වසරක් සපිරීම වෙනුවෙන් එළිදක්වා ඇති එම වාර්තාවෙන් යානය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොවීම ගැන මෙසේ ඥාතීහු කණස්සල්ලට පත්ව ඇති අතර, එය කිසිදු ආකාරයකින් ප්රයෝජනයක නොමැති ලියවිල්ලක් බව පවසයි.
මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ යානය සම්බන්ධ සෝදිසි මෙහෙයුම් ඔස්ට්‍රේලියාව හා මැලේසියාව විසින් තවදුරටත් සිදුකරමින් සිටියි.
යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 239 දෙනෙකු ගමන් කරමින් සිටි අතර, යානය සෙවීම සඳහා එදාමෙදාතුර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටියි.