MH370 සාගරයේ සැඟවිලාලු -කාලගුණය සෝදිසි නවතයි
අතුරුදන් වූ MH370 මැලේසියානු යානය දකුණුදිග ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව එරට අගමැති නජීබ් රසාක් ඊයේ (24දා) නිවේදනය කළ අතර, දකුණුදිග ඉන්දීය මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණය නිසා අද දිනයේ සියලු සෝදිසි මෙහෙයුම් තාවකාලිකව නවතා දමා ඇති බව බලධාරීහු පවසති.
යානය පිළිබඳ වූ අලුත්ම චන්ද්‍රිකා ඡායාරූප පිළිබඳ සිදුකළ නීරීක්ෂණයන්ගෙන් යානය සාගරයට කඩාවැටී ඇති බව තහවුරු වී ඇතැයි අගමැතිවරයා පෙන්වා දුන්නේය.
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික චන්ද්‍රිකා සමාගමක් වූ ඉන්මාසැට් විසින් මෙම දත්ත ලබාදී ඇති අතර, ඔවුන් රේඩාර් සංඥා මෙන්ම ගණිතමය මොඩලයක්ද යානයේ අවසන් ගමන දකුණු ඉන්දීය සාගරයෙන් නිමවී ඇති බව තහවුරු කිරීමට යොදාගෙන තිබුණි. එහිදී, අදාල දත්ත තේරුම් ගැනීම සඳහා 19 වැනි සියවසේදී භාවිත වූ ‘ඩොප්ලර් ආවරණය’ (Doppler effect) නමැති ක්‍රමවේදය ඔවුන් යොදාගෙන තිබූ බව කියැවෙයි.
යානය සාගරයට කඩා වැටී ඇතැයි යන ප්‍රකාශය අගමැතිවරයා විසින් සිදුකිරීමට පෙර මැලේසියානු ගුවන් සේවය SMS පණිවුඩයක් මගින් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට කියා සිටියේ යානයේ සියලු දෙනා නැතිවූ බව හා ජීවිතය රැකගත්තෙකු සිටිය නොහැකි බවය.
කෙසේ වෙතත් යානය සොයා ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක් සිදුකිරීමට දැන්ම ඉක්මන් වැඩි බව ප්‍රංශ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය සඳුදා දිනයේ පවසා සිටියේය.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන ගුවන්ගතව පැයකින් පමණ පසු මාර්තු 8 වැනිදා අතුරුදන් වූ MH370 ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට පසුගිය සති කිහිපය පුරාවට ලොවම බලා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

