MH17 අනතුර ගැන ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය
මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය නැගෙනහිර යුක්රේනයේදී අනතුරට පත්වීමේ සිදුවීම සැලවීමෙන් ශ්‍රී ලංකාව දැඩි කම්පනයකට මෙන්ම බලවත් ශෝකයට පත්වූ බව ගුවන් අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා වාසීන් තම බලවත් ශෝකය මෙම අනතුරට මුහුණ පෑ ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඥාතීන් වෙත දන්වා සිටින බවත්, මෙවැනි ව්‍යසනයකදී සියලු ජාතීන් එකතු විය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. එමෙන්ම ශ්‍රී ලංකීය ජනතාව එම ඥාතීන් සමග මේ මොහොතේ සිටින බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.
ඇදහිය නොහැකි මේ අවාසනාවන්ත සිදුවීමේදී ධෛර්වයන්තව හා ඥානාන්විතව කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

