මාලදිවයින කේන්ද්‍රකර ගනිමින් ගුවන්ගමන් සිදුකරන MEGA Maldives ගුවන් සේවය අද (03දා) සිට ශ්‍රී ලංකාවට සිය ගුවන් ගමන් ආරම්භ කළේය.
අද සිට සඳුදා, බ්‍රහස්පතින්ද සහ සෙනසුරාදා දිනයන් හි මෙගා ගුවන් සේවය ශ්‍රී ලංකාවේ සිය ගුවන් ගමන් වාර ක්‍රියාත්ම කරනු ඇත. ගුවන් ගමන් අරඹයින් මාලේ නුවර සිට පළමු ගුවන් යානය කටුනායකට ළගා විය.
එම ගුවන් යානය මහත් හරසරින් කටුනායකදී පිළිගනු ලැබීය. ඒ අනුව ගතවූ දින තුනක පමණ කාලයේදී නෙදර්ලන්තයේ කේ.එල්.එම්. ගුවන් සේවය, රුසියාවේ රෝයල් ගුවන් සේවය හා මාලදිවයිනේ මෙගා මෝල්ඩිව්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භ කළේය.