ලන්ඩයේ පැවැති උත්සවයකදී එල්.ටී.ටී.ඊ.හිතවාදීන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් කොඩිය එසවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ලන්ඩනයේදීම විරෝධය දක්වා ඇති බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්තා කරයි.
එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධානයක් වන දමිළ සමායෝජන කමිටුව (Tamil Coordination Committee (TCC)) විසින් ලන්ඩනයේ හැරෝව්හි පැවැත්වූ උත්සවයකට පසුගිය ඉරිදා දිනයේදී විග්නේෂ්වරන් මහතා ආරාධිතයෙකු ලෙස එක්ව තිබේ.
එහිදී එල්.ටී.ටී.ඊ. කොඩිය ඔසාවා තැබීමටත් මියගිය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ට ගෞරව කිරීමටත් සූදානම්ව තිබෙන අතර, උතුරු මහ ඇමතිවරයා එයට විරෝධය දක්වා ඇත.
එවැනි උත්සවයක තමා කතාවක් පැවැත්වුවහොත් ආපසු ශ්‍රී ලංකාවට ගිය පසු ගැටලුවක් ඇතිවිය හැකි බවද ඔහු පවසා ඇත. ඉන්පසුව සංවිධායකයන් විසින් කොඩිය එසවීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග නවත්වා ඇති අතර, පසුව ඔහු උත්සවයට එක්ව විනාඩි 30ක දේශනයක්ද පවත්වා ඇත.