ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එගලන්ත සංචාරයට එරෙහිව එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් ලන්ඩනයේදී ඊයේ (10දා) දහවල් විරෝධතාවක් පැවැත්විය.
විරෝධතාව පැවැති ස්ථානයට ගිය ගිය ජනපතිවරයා විරෝධතාකරුවන්ට නිල රථයෙන් බැස ආචාර කිරීමටද කටයුතු කළේය.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව අද (11දා) සිදුවිය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රගතිය පිළිබඳව එහි සභාපති වශයෙන් කටයුතු කරන ජනපතිට පැහැදිලි කිරීමටද කමලේශ් ශර්මා මහතා මෙහිදී කටයුතු කළේය.
ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක එඩ් මිලිබෑන්ඩ් මහතා අතර හමුව පෙරේදා (10දා) පස්වරුවේ ලන්ඩන්හි පැවැත්විණි.
.jpg)
.jpg)
.jpg)