LTTE කොඩි එසවූ කතා සාවද්‍යයි - ආරක්ෂක රාජ්‍ය ඇමති
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කොට වසර හයක් ගතවන අවස්ථවේ උතුරු ප්‍රදේශ වල එල්.ටී.ටී.ඊ. කොඩි එසවූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ මහජන නියෝජිතයන් සිදුකර ඇති ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
බුද්ධි අංශ වාර්තා අනුව එවැනි කිසිදු සිදුවීමක් උතුරේ හෝ නැගෙනහිර ප්‍රදේශවල වාර්තා නොවන බව සඳහන් කල අමාත්‍යවරයා , විවිධ පුද්ගලයන් මෙන්ම ඇතැම් මාධ්‍ය , සමාජ වෙබ් අඩවි මගින් පටු දේශපාලන වාසි ලබාගැනීමේ අපේක්ෂාවෙන් එවැනි ප්‍රචාර දියත් කර ඇති බව පෙන්වා දෙයි.
දකුණේ ජනතාව රවටමින් දේශපාලන වාසි ලබාගැනීමට ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් ගෙන යන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳව කණගාටුවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා , කිසිදු විචාරයකින් තොරව එවැනි සාවද්‍ය ප්‍රකාශ රටතුල පැතිරවීමෙන් අන්තවාදී කල්ලි සහ කණ්ඩායම් වලට වාසි අත්වන බව ඔවුන් තේරුම් ගත යුතු බවද වැඩිදුරටත් පැවසීය.
දකුණු ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයක පසුගිය සමයේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයේ සැමරුම් වල මාධ්‍ය වාර්තා සහ ඡායාරූප උපයෝගීකර ගනිමින් සමාජ වෙබ් අඩවි කිහිපයක ඉතා නොසැළකිලිමත් අන්දමින් ගෙන යන සාවද්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

