අර්බුදයකට ලක්ව ඇති කෙරවළපිටිය, මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු නව ස්වාභාවික ද්‍රවවායු විදුලි බලාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳතොරතුරු මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර රටට වාසිදායක තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙම ටෙන්ඩර් කැඳවීමේදී තාක්ෂණික කමිටුවේ තීරණ අබිබවා යමින් ටෙන්ඩර් මණ්ඩලයවිසින් සමාගම් 05 ක් අත්හිටුවීමට ගත් තීරණ හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කීය.