ISIS ට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයෙන් ප්‍රහාරක යානා
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් වෙත ප්‍රහාර එලල් කිරීම සඳහා ඉරාන රජය විසින් ඉරාකය වෙත ප්‍රහාරක ජෙට් යානා සපයා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
රුසියාව විසින්ද ඉරාකය වෙත ප්‍රහාරක ජෙට් යානා සැපයීමෙන් දින කිහිපයකට පසුව මෙසේ ඉරානය විසින්ද යානා සපයා ඇති බව කියැවෙයි.
ලන්ඩනයේ පිහිටි ක්‍රමෝපායික අධ්‍යයනයන් පිළිබඳ අන්තර්ජාතික ආයතනය විසින් මෙම හෙළිදරව්ව සිදුකර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ජූලි 01දා මෙසේ යානා සැපයීමක් සිදුකර ඇති බවයි.
මේ අනුව, ඇමෙරිකාවද මේ වනවිටත් ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටර් යානා මෙම සටනට යොදාගෙන ඇති බැවින්, ඉරාන ජෙට් යානාද ඒ සමගම ක්‍රියාත්මක වීම තුළ ප්‍රථම වරට අන්ත දෙකක සිටි රටවල් දෙකක් එක්ව ඉරාකයේ සුන්නි අන්තවාදීන් අතුගා දැමීමට ක්‍රියාකරන ආකාරයක් පෙනී යන බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

