ISIS සුන්නි ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන්ට ඉරාකය හෝ සිරියාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට ඉඩ නොතබන බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කරයි.
අවශ්‍ය වුවහොත් ISIS සුන්නි ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන්ට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවද ජනාධිපති ඔබාමා පවසයි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වා ඇති ඇමෙරිකානු නායකයා අවධාරණය කර ඇත්තේ, ජන සංහාරයක් වළක්වා ලීමේ බැඳීමක් මෙන්ම ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා පෙරට එමින් සිටින ISIS සුන්නි ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් නතර කිරීමේ මූලෝපායී උවමනාවක් එක්සත් ජනපදයට ඇති බවයි.
සතිපතා පවත්වන සිය ගුවන්විදුලි කතාවේදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා, කාන්තාවන් දාස භාවයට පත් කරන ජිහාඩ් අන්තවාදීන් ‘යෂිඩි’සුළු ආගමිකයන් ක්‍රමානුකූලව විනාශකර දැමීමේ සැලැස්මක නිරතව සිටින බවද පෙන්වා දුන්නේය.
උතුරු ඉරාකයේ කඳුවැටිවල කොටු වී සිටින ‘යෂිඩි’අනාථයන් වටලා සිටින ප්‍රහාරකයන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කිරීම මගින් එම වැටලීම් පරාජය කල හැකි බවද ඔබාමා අවධාරණය කළේය.
උතුරු ඉරාකයේ ගැටුම්වලට කොටු වී සිටින ‘යෂිඩි’ ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු යුද ගුවන් යානා මගින් දෙවැනි වතාවටත් හදිසි සහන ආධාර මලු පතිත කළලද බව කියවුණි.