ඉරාකයේ සිටින ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදින්ගේ ඉස්ලාම් රාජ්‍යය මුලිනුපුටා දැමීමේ ඇමෙරිකානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සඳහා මහා බ්‍රිතාන්‍යයද එක්වීමට අද (26දා) පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
පැය හතක විවාදයකින් පසුව මෙම ප්රහාරයන්ට බ්‍රිතාන්‍ය එක්වන්නේද යන්න සම්බන්ධයෙන් වූ යෝජනාව ඡන්ද විමසීමට ලක්කළ විට ඊට පක්ෂව ඡන්ද 524ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබී තිබුනේ 43ක් වැනි ඉතා සුළු ඡන්ද ප්‍රමාණයක් පමණි.
මෙම ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එරට ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මේ වෙනුවෙන් දැවැන්ත ව්‍යාපාරයක් ඉදිරියේදී සිදුකළ යුතු බවයි. එය එක් රැයකින් සිදුකළ හැකි දෙයක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
කෙසේ වෙතත් මෙම සටන නිම කිරීමට වසර කිහිපයක් ගත විය හැකි බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා සිටියේය.
මේ අතර, සුන්නි ඉස්ලාමීය රාජ්‍යයට පහරදීම සඳහා ප්‍රහාරක ගුවන් යානා හතක් යවන බව ඩෙන්මාර්කය ද නිවේදනය කර ඇති අතර, බෙල්ජියමද ඇමෙරිකාව සමග මෙම ගුවන් ප්‍රහාර සඳහා එක්වන බව අවධාරණය කර තිබේ.