(UPDATE) ඉරාකය ආක්‍රමණය කරන ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සිය ගුවන් ප්‍රහාර තව දුරටත් දැඩි කළ බව ඇමෙරිකාව කියයි.
ඊයේ නිවේදනයක් නිකුත් කළ පෙන්ටගනය පෙන්වා දුන්නේ ඇමෙරිකානු ප්‍රහාරක යානා, කුර්දිෂ් හමුදාවට එරෙහිව උතුරුදිග ඉරාකයේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි ප්‍රථම ප්‍රහාරය දියත් කළ බවයි.
කෙසේ වෙතත්, අද උදෑසන වනවිට ඇමෙරිකානු නාවික හමුදාවේ ප්‍රහාරක යානා හා ඩ්‍රෝන යානා යොදා ගනිමින් දැඩි ප්‍රහාර මාලාවක්ම එල්ල කර තිබේ.
ලේසර් ආධාර කරගනිමින් එල්ල කෙරෙන බෝම්බ F18 ප්‍රහාරක යානා යොදාගනිමින් ISIS අන්තවාදීන්ගේ වාහන වෙත එල්ල කර ඇති අතර, ඊයේ දිනයේදී රාත්තල් 500 දැවැන්ත බෝම්බ ඔවුන්ගේ කාලතුවක්ක වෙත පතිත කර තිබේ.
උතුරුදිග ඉරාකයේ ඉර්බිල් නගරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග දරුණු සටනක නිරත කුර්දිෂ් හමුදාවට මෙම ඇමෙරිකානු ප්‍රහාර සමග දැඩි අස්වැසිල්ලක් ලැබෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, ISIS අන්තවාදීන් ඉරාකයේ විශාලතම ජලවිදුලි උත්පාදක වේල්ල අත්පත් කරගත්තේ යැයි මීට පෙර පැවසුණු වාර්තාවද ඇමෙරිකාව විසින් තහවුරු කර තිබේ.
ඉරාකයේ වෙසෙන සුළුතර ආගමික කොටස් සමූල ඝාතනය කරමින්, ඇමෙරිකාවේ කීමට සවන් නොදී කටයුතු කරන උතුරුදිග ඉරාකයේ බලය අල්ලාගෙන සිටින ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන් අනුමැතිය ලබාදුන් බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඊයේ පවසා සිටීමෙන් පසු මෙම ප්‍රහාර මාලාව ආරම්භ වි තිබේ.
ගුවන් ප්‍රහාරය දියත් කළත් ඇමෙරිකානු සෙබළුන් නැවත වරක් ඉරාකයට නොයවන බවද එහිදී ඔබාමා අවධාරණය කර තිබුණි.
සුන්නි ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම හෙවත් ISIS ත්රස්තයන් මේ වනවිටත් ඉරාකයේ සහ සිරියාවේ විශාල කොටසක සිය බලය පතුරුවමින් සිටියි.
පසුගිය ජූනි මාසයේදී ඔවුන් උතුරුදිග ඉරාකයේ මොසුල් නගරයේ බලය අල්ලා ගනිමින් දකුණුදිග බැග්ඩෑඩ් වෙත ගමන් කරමින් නගර රැසක බලය අත්පත් කර ගත්තේය.
ඔවුන්, මෙම සතිය මුලදී ඉරාකයේ ක්‍රිස්තියානුවන් වැඩි වශයෙන් ජීවත් වන කරාකොෂ් නගරයේ බලය අල්ලා ගත් අතර, මේ තත්ත්වය තුළ එම සුළුතර ජනකොටස්වලට තම ගම්බිම් අතහැර පළායෑමට සිදුව තිබුණි.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ISIS ඉස්ලාමීය සටන්කාමීන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පෙර, ඔවුන්ගේ තර්ජනයට ලක්ව සිටින සාමාන්‍ය ජනතාව වෙත මානුෂීය ආධාර ගුවනින් පතිත කිරීමේ මෙහෙයුමක් අරඹා තිබුණු බවද පැවසීය.
ජාතික ආරක්ෂාව පිළිබඳ තම උපදේශකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ධවල මන්දිරයේ සිට අදහස් දක්වා තිබූ ඔබාමා පවසා තිබුණේ, ඒ වනවිටත් ISIS ක්‍රියාකාරකම් නිසා සින්ජාර් කඳුකර ප්‍රදේශයට පළාගොස් සිටින යාසිදී ආගමික සුළුතරය වෙත ගුවනින් ආහාර හා ජලය ලබාදීමේ මෙහෙයුමක් ඇමෙරිකාව විසින් අරඹා තිබුණු බවයි.
“ලෝකයේ කිසියම් තැනක දැවැන්ත අර්බුදයක් පවතින සෑම අවස්ථාවකම ඊට මැදිහත් වීමට ඇමෙරිකාවට හැකියාවක් නෑ. නමුත්, මේ ආකාරයේ භයානක තත්ත්වයකදී දෑස් අඳව සිටීමටත් අපට හැකියාවක් නෑ. ඒ වගේම, ඉරාක රජය අපේ සහාය මේ අවස්ථාවේදී ඉල්ලා තිබෙනවා.
මෙහිදී, වඩාත් වගකීමෙන් හා අවධානයෙන් ක්‍රියාකිරීමට අප කටයුතු කරනවා. මෙහිදී, කිසිම ආකාරයක මහා මනුෂ්‍ය සංහාරයක් වීමට අපට ඉඩ තබන්නේ නෑ. අද දිනයේ ඇමෙරිකාව ඔබේ සහායට පැමිණෙනවා.
මෙහිදී, අමෙරිකානු ගුවන් ප්‍රහාර ISIS ඉස්ලාමීය අන්තවාදීන්ම ඉලක්ක කෙරෙනවා.” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණි.
\
ISIS ත්රස්තයන් සුළුතර ජනකොටස්වල දරුවන් ඝාතනය කර ඇති ආකාරය
සුළුතර ජනකොටස් යක්ෂයන් අදහන්නන් බව පවසමින් ඔවුන් මරාදමා ඇති ආකාරය
ISIS ත්රස්තයන් ඉරාකයේ බලය අල්ලාගෙන සිටින ආකාරය