ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රකාශයට පත්කර ඇති ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් සිරියාවේ අසාද් රජයේ හමුදා සිය ගණනක් සමූල ඝාතනය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ටබ්කා ගුවන් තොටුපළ අත්පත්කර ගැනීමෙන් පසුව, හාමා ප්‍රාන්තයට පැනයාමට උත්සාහ කළ රජයේ හමුදාවන් මෙසේ අන්තවාදීන්ට කොටුවී ඇති බවයි.
ජිහාඩ් ට්විටර් අඩවිවලට අනුව සිරියානු හමුදාවන් 250ක් පමණ සමූල ඝාතනය කර ඇති බවට ඔවුන් උදම් ඇණුවත්, සැබෑ අගය මීට වඩා වැඩි විය හැකි බව පැවසෙයි.
මේ අතර, ඔවුන් නිකුත්කළ විඩීයෝවක යට ඇඳුමකින් පමණක් පෙළ ගැසී යන හමුදා පිරිස් හා පසුව මුණින් අතට මැරී වැටී සිටින දසුන්ද දැකගත හැකිය.