ISIS ඉස්ලාමීය අන්තවාදීන් බ්‍රිතාන්‍ය සහන සේවකයාත් ගෙල සිඳ ඝාතනය කරයි
ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීනගේ අත්අඩංගුවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ ඩේවිඩ් හේයින්ස් නමැත්තාගේද හිස සිඳ ඝාතනය කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
දරුවන් දෙදෙනකුගේ පියෙකු වන ඩේවිඩ් පසුගිය වසරේ සිරියාවේදී අන්තවාදීන්ගේ අත්ඩංගුවට පත්ව තිබුණි. මීට පෙර ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකුද මේ ආකාරයෙන්ම ගෙල සිඳ ඝාතනය කළ ඉස්ලාමීය අන්තවාදීන්, මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාවද ඝාතනය කරන බවට අනතුරු ඇඟවීය.
ඒ අනුව, පෙර අවස්ථා දෙකේදී ඝාතනයන් සිදුකළ %ජිහාඩ්‘ ජෝන්^ නමැත්තාම මෙම ඝාතනයත් සිදුකර ඇතැයි මෙම අලුත්ම වීඩියෝවට අනුව පැහැදිලි වෙන්නේ යැයිද ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි.
මෙම වීඩියෝවේද ඝාතනයට ලක්වූ ඩේවිඩ් පවසා ඇත්තේ තම මරණයට අගමැති ඩේවිඩ් කැමරන් වගකිව යුතු බවයි. මීට පෙර ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනා පැවසුවේ ඒ මරණයන්ට බරැක් ඔබාමා වගකිව යුතු බවයි.
මේ සම්බන්ධයෙන් පසුව අදහස් දැක්වූ කැමරන් මෙම ඝාතනයන් පැහැදිලිවම යක්ෂයින්ගේ ක්‍රියාවක් බවත්, මොවුන් අල්ලා ගැනීම සහ ඔවුන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කිරිම සඳහා සෑම දෙයක්ම සිදුකරන බවත් අවධාරණය කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාද මෙය ම්ලේච්ඡ ඝාතනයක් ලෙස හඳුන්වාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

