ISIS අන්තවාදීන් කලාපයටම තර්ජනයක් - ජෝන් කෙරී
සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඉරාකයේ වයඹදිග නගර එකිනෙක සිය ග්රහණයට නතුකර ගනිමින් සිටින අවස්ථාවේදී ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වෙත පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ඊයේ (23දා) ඊජිප්තුවේ සංචාරය කළ කෙරී පවසා සිටියේ ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඇතිකර තිබෙන ප්රචණ්ඩත්වය ඉරාකයට පමණක් නොව කලාපයටම බලවත් තර්ජනයක් බවයි.
පසුගිය ඉරිදා දිනයේදී ISIS අන්තවාදීන්ගෙන් සැදුම්ලත් පිරිස් ඉරාකය සම්බන්ධ කෙරෙන සිරියාවේ සහ ජෝර්දානයේ දේශසීමා මාර්ග කිහිපයකම බලය සියතට ගත් බව පැවසෙයි.
එමෙන්ම මූලෝපායික වශයෙන් ඉරාකයට අතිශය වැදගත් වන උතුරුදිග පිහිටි ටල් අෆර් ගුවන් තොටුපළේ බලයද ත්රස්තයන් විසින් අත්පත් කරගන්නා ලදී.
මෙවැනි තත්ත්වයක් තුළ ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී ඉරාකය වෙත පැමිණීම අතිශය තීරණාත්මක අවස්ථාවක් බවද විදෙස් පුවත් සේවා අවධාරණය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

