අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු හෝ විදෙස් රටවලින් මෙරටට පැමිණ දේශන පවත්වන කිසිදු පුද්ගලයෙකු මෙරට නොමැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (23දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.එමෙන්ම අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ තොරතුරු ප්‍රචාරණය කරන කිසිවෙකු මෙරටින් හමුවී නොමැති බවත් මේ සියල්ල ආරක්ෂක වාර්තා මගින් තහවුරු කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත් එහිදීද මෙම තොරතුරු තහවුරුවූ බවද අමාත්‍යවරයා පැවසීය. මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අයි.එස්.අයි.එස් සංවිධානයට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ බවට කිසිදු වාර්තාවක් නැහැ. මේ ගැන ආරක්ෂක අංශ හොඳ සෝදිසියෙන් ඉන්නවා. විජයදාස ඇමතිතුමාට කවුරු හෝ විවිධ දේවල් කියලා තියෙනවා. නමුත් ලංකාවට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව සොයාබැලීමත් දිගින් දිගටම රහස් අංශ සිදුකරනවා.
ඔවුන් කිසිම කෙනෙක් මෙහි දේශපාලනය කරන්නේ නැහැ. ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පවා මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. පිටරටින් ඇවිත් දේශන පවත්වන කිසිම කෙනෙක් නැහැ ප්‍රචාරය කරන කිසිවෙකු නැති බවත් ආරක්ෂක අංශ වාර්තා කරනවා. විජයදාස ඇමතිතුමත් කැබිනට් එකේදී මේබව පිළිගත්තා" යැයිද පැවසීය.