ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග ශ්‍රී ලංකාවේ 32 දෙදෙනෙකු එකතුවී තිබෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. මෙම සාමාජිකයන් 32 දෙදෙනා ශ්‍රී ලංකික පවුල් 4ට අයත් බවට සොයාගෙන තිබෙන බවත් ඔහු පැවැසීය. එසේම ආගමික අන්තවාදයක් සඳහා අද පටන් ශ්‍රි ලංකාවේ ඉඩක් නොමැති බවද ඔහු සඳහන් කළේය.