IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ආභාසය ලබමින් ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැකකළ ඔස්ට්‍රේලියානු නව යොවුන් වියේ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
16 හැවිරිදි වියේ පසුවූ මෙම තරුණයන් දෙදෙනා ඔස්ට්‍රේලියානු ප්‍රතිත්‍රස්ත හමුදා කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉස්ලාමීය යාඥා ශාලාවක් පිටුපස සිටියදීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සතුව එදිනම මිලදී ගත් බයිනෙත්තු හැඩයේ පිහි දෙකක් සහ IS ඉස්ලාම් රාජ්‍යයට පක්ෂපාතී ලිපි කිහිපයක් තිබී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔස්ට්‍රේලියානු පොලීසිය පවසා සිටියේ මෙම තරුණයන් දෙදෙනාට එරෙහිව ත්රස්තවාදයට සහාය දැක්වීම සම්බන්ධ චෝදනා ගොනුවනු ඇති බවයි.
මෙම තරුණයන් දෙදෙනොගෙන් කෙනෙකු ත්‍රස්ත සැකකරුවෙකුගේ පුත්‍රයෙකු බව ඔස්ට්‍රේලියානු ගුවන්විදුලිය මීට පෙර පවසා තිබුණත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම පොලීසිය ප්‍රතික්ෂේප කර තිබුණි.
මොවුන් දෙදෙනා නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනෙකු වුවත්, සාමාන්‍යයෙන් සිදුවන විශේෂ ළමා අධිකරණයක් හමුවට පැමිණවීම හෝ ඇපෑලක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාවක් නොමැති බවත්, ඒවා නිල වශයෙන්ම ප්‍රතික්ෂේප වී ඇති බවත් බී.බී.සී.ය පවසයි.