ක්රිකට් ඉතිහාසයේ විශාලතම ටී.වී. හිමිකම් ගණුදෙනුව ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය හා ස්ටාර් ඉන්දියා රූපවාහිනය අතර සිදුව තිබේ.
ඒ 2018 වසරේ සිට 2022 දක්වා ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ විකාශන අයිතිය ස්ටාර් ඉන්දියා රූපවාහිනිය හිමි කර ගැනීමත් සමගිනි. ඩොලර් බිලියන 2.55කට රූපවාහිනී හිමිකම ඔවුන් මිලදි ගෙන ඇත.
ඒ අනුව ක්රිකට් ක්රීඩාවේ රූපවාහිනී හිමිකමක් වැඩිම මිලකට අලෙවි වූ අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ස්ටාර් ඉන්දියා රූපවාහනියේ සභාපති උදේ ශංකර් පවසන්නේ “ අපි විශ්වාස කරනවා ඉන්දිය ප්රිමියර් ලිග තරගාවලිය කියන්නේ බලවත් වත්කමක්. මේ හරහා අපිට ක්රිකට් ප්රේක්ෂකයන්ට අපිට විශාල වටිනාකම් නිර්මාණය කරන්න පුළුවන්.” යනුවෙනි.