කොළඹ නිදහස් චතුරස්රයේ පසුගිය රජය සමයේ ඉදිකළ Independence Arcade හි වියදම පියවා ගැනීමට 2027 වසරේදී හැකිවෙනු ඇති බව බස්නාහිර හා මහා නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
Independence Arcade පරිශ්‍රය ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 943ක් වියදම්ව ඇති බවත් එය විවෘත කිරීමේ අවස්ථාවට රැපියල් මිලියන 23ක් වියදම් වී ඇති බවත් ඔහු පැවැසීය.
එහි පවතින විසිතුරු මත්ස්‍ය ටැංකිය සඳහා මසකට රුපියල් 192000ක වියදමක් දැරීමට සිදුව ඇති බවද ඔහු පැවැසීය. Independence Arcade හි වත්මන් මාසික ලාභය රුපියල් මිලියනයක් පමණ බව පැවැසූ අමාත්‍යවරයා එහි පවතින වෙළද සැල් වලින් මූලික තැන්පතු (Key Money) ලෙස රුපියල් මිලියන 273ක් ලැබි ඇති බවත් ඔහු සඳහන් කළේය.