ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහායවීමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දීර්ඝ කරනලද අරමුදල් පහසුකම් යටතේ අනුමත කරන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය සම්බන්ධ සමාලෝචනයක් සඳහා එහි නියෝජිත පිරිසක් ඊයේ (13දා) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත වන ජේවූ ලී මහතා සහ එම අරමුදලේ මෙරට හා මාලදිවයින් නියෝජිතවරිය වන ඉටරි කයින්ට්රාසේ මහත්මිය ඇතුළු පිරිස මුදල් අමාත්‍යාංශයේදී මෙසේ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.
පසුගිය ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මාස 36 කට දීර්ඝ කරන ලද අරමුදල් පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 කට ආසන්න මුදල් ශ්‍රී ලංකා රජය වෙත අනුමත කරන ලදී. මෙම ණය මුදලේ මුල් කොටස පසුගිය ජුනි මාසයේදී නිදහස් කළ අතර ඉතිරි කොටස කොටස් පහකින් නිදහස් කිරීමට නියමිතය. එහි පළමු කොටස නිදහස් කිරීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදීය.