HNDA සිසුවියකට පහරදුන් පොලිස් නිලධාරියාට ලබාදිය හැකි තනතුරක් සම්බන්ධව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (05දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඒ බව සඳහන් කරමින් ඒ මහතා පැවසුවේ දැනට වැලිකඩ බන්ධනාගාරයේ පුරප්පාඩු වී තිබෙන වධක තනතුර ඔහුට ලබාදිය යුතු බවයි.
වධකයාගේ රාජකාරිය සඳහා කඹ හෝ වෙනත් උපකරණ අවශ්‍ය නොවන බවත්, ඔහුට බැටන් පොල්ලක් ලබාදීම ප්‍රමාණවත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අවම බලය පාවිච්චි කරනවා යැයි කියා දිවයන සිසුන්ට පහරදිය නොහැකි බවයි.
එවැනි පහරදීමකට යනවාද, නැද්ද යන්න තීරණය කරනුයේ එම අවස්ථාවේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් නිලධාරියා විසින් බවද හෙතෙම පවසා සිටියේය.