උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුගිය 29 වැනි දින පැවැත්වූ උද්ඝෝෂණයට පහරදීම පිළිබඳව පොලීසිය පරීක්ෂණයක් නොපවත්වන බවට සඳහන් කර තිබියදීත් දැඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ සසිනි සංදීපනී ශිෂ්‍යාව අද (11දා) සවස කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට බව පවසමින් මෙම කැඳවීම සිදුකර තිබෙන බවත්, එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පරීක්ෂණ කටයුතු භාරදී තිබෙන නිසා පොලීසිය කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බවට ආණ්ඩුව සඳහන් කර තිබෙන බවද පවසා සිටියේය.