අන්තර් උසස් ගණකාධිකාරී ඩිප්ලෝමාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ උද්ඝෝෂණයේදී පොලීසිය විසින් සිදුකළ පහරදීම පිළිබඳ සකස් කළ වාර්තාව මේ මස 19 වැනි දින ජාතික පොලිස් කොමිසමට භාරදීමට නියමිතය.
ශිෂ්‍යයන්ට පහරදීම පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර, ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙම වාර්තාව සකස් කර තිබේ. වාර්තාව පොලිස් කොමිසමට ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම තීරණය කර ඇත.