2017 ජනවාරි (19දා) සිට GULF AIR ගුවන් සේවය බහරේන් සිය කටුනායක දක්වා පියාසර කිරීම අරඹන බව එම ගුවන් සේවය නිවේදනය කරයි. ඒ අනුව (19දා) සිට සතියකට ගමන්වාර පහක් යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත බහරේන් සිට ගුවන් ගමන් ආරම්භ කරන බවත් මැදපෙරදිග විශාලතම ගුවන් සේවයක් ලෙස GULF AIR සිය අත්දැකීම් ලංකාව සමග බෙදාගැනීමට සූදානම් බවත් නිවේදනය කර තිබේ.