ශ්රී ලංකාව ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා ආසන්නයටම පැමිණ ඇතැයි යුරෝපීය කවුන්සලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා පවසා ඇත.
බෙල්ජියමේ සංචාරයක නිරත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස යුරෝපීය කවුන්සිල මූලස්ථානයේදී එහි නියෝජිතයන් පිරිසක් හා ඊයේ (17දා) පැවැති සාකච්ඡාවකදී කවුන්සිල සභාපතිවරයා මේ බව පවසා ඇත.
එසේම ශ්රී ලාංකේය ජනතාවට දක්වන විශේෂ සැලකිල්ලක් වශයෙන් ජීඑස්පී ප්ලස් සහනය යළි ශ්රී ලංකාවට ලබාදීමට පූර්ණ සහාය ලබාදෙන බවත් සභාපතිවරයා පවසා ඇත.
මෙහිදී යුරෝපා කවුන්සිල සාමාජිකයන්ට ශ්රී ලංකාවේ සංචාරයකට එක්වෙන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ආරාධනා කළේය.
එම ආරාධනය පිළිගන්නා බවත්, ලබන වසරේදී ශ්රී ලංකාවේ සංචාරයට කිරීමට අපේක්ෂා කරන බවත් ඩොනල්ඩ් ටස්ක් මහතා පැවසීය.