ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බව මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝශප් මස්කට් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යුරෝපා සංගමයේ මීළඟ සභාපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ ද මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝෂප් මස්කට් මහතායි.
ශ්‍රී ලංකාව සහ මෝල්ටාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගත් අග්‍රාමාත්‍යවරු දෙදෙනා ඒ සඳහා ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මෝල්ටා තානාපති කාර්යාල පරිශ්‍රයේ ඊයේ (20 දා) පස්වරුවේ මෝල්ටා අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති හමුවට මෝල්ටා අග්‍රාමාත්‍ය ජෝශප් මස්කට් මහතා විශේෂ ගුවන් යානයකින් මෝල්ටාවේ සිට බෙල්ජියමට පැමිණ තිබේ.