ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් (GSP+) බදු සහනය ලබාගැනීම සඳහා වන නිල ලියවිල්ල අද (28දා) දිනයේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයට භාරදෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මගින් එය භාරදෙන බවත්, මාස 06 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් බදු සහනය ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය තීරණය කරණු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (28දා) පැවති මාධ්‍ය හමුවකදීය.