අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය. එම සංගමයේ නියෝජ්‍ය ලේකම් හරිත් අලුත්ගේ මහතා සඳහන් කළේ වෛද්‍යරුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළත් කරන්නැයි ජනාධිපතිවරයා ලබාදී ඇති නියෝග මේ ආකාරයට නොසලකා තිබෙන බවයි.
මේ දක්වා වෛද්‍යවරුන් 313 දෙනෙකුගේ දරුවන් පාසල්වලට බඳවාගෙන නැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බවද ඔහු පැවසීය.
වෘත්තීකයන්ගේ සංගම් ශාලාවේ අද (25දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.